ඉදිරි සතිය තීරණාත්මකයි – යුද හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

ඉදිරි සතිය තීරණාත්මකයි – යුද හමුදාපති

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව ඇතිවූ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මේ සතිය ඉතා තීරණාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජනාරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

“පළමු කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වීමෙන් පසුව ගතවන 03 වන සතියයි මෙය. මේ දක්වා වෛරසය සමාජය තුළට ව්‍යාප්ත වී නොමැති බවට වෛද්‍යවරුන් සඳහන් කර සිටිනවා.

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොවිඩ් පොකුර නිසා එම සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ට මේ වන් විට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

වෛරසය ආසාදනය වූ පිරිස සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් රටෙ විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබෙන බවට පළමුවෙන්ම අප ප්‍රකාශ කර සිටියා.

නමුත් නිරෝධායනයට යොමු කළ පළමු ආශ්‍රිතයින් ලබාදුන් තොරතුරු අනුව සොයා ගත යුතු ආශ්‍රිතයින් අප නිරෝධායනයට යොමු කරනු ලැබුවා.

නමුත් එලෙස තොරතුරු ලබා නොදුන් පිරිස් අතුරින් නිසි තොරතුරු ලබා නොදුන් අයෙක් වේ සමාජය තුළ සිටිනම් මෙම සතියේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න ගැන දැන ගත හැකියි. මේ නිසා මේ ඉදිරී සතිය තීරණාත්මකයි” යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා. 


No comments:

Post a Comment

Post Bottom Ad