කොරෝනා දෙවැනි රැල්ලට හේතු වූ යුක්රේන කණ්ඩායම කටුනායක ගුවන් කඳවුරේ ඉඳලා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

කොරෝනා දෙවැනි රැල්ලට හේතු වූ යුක්රේන කණ්ඩායම කටුනායක ගුවන් කඳවුරේ ඉඳලා.

 

ශ‍්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලට හේතු වූ බව කියන යුක්රේන් තාක්ෂණික කණ්ඩායම නතර වී සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුර තූළ බව ආරංචි මාර්ග පවසයි.

 මොවුන් මෙරටට පැමිණියේ ගුවන් හමුදාවේ ඇන්ටනොව් යානා තුන ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 11 දෙනකුගෙන් යුත් එම කණ්ඩායම මේ වනවිට රටින් පිටව ගොස් ඇත.

 මෙම යුක්රේන තාක්ෂණික නිලධාරීන් පිරිස යුක්රේනයේ කිඞ් නුවර සිට මෙරටට ඒමට පෙර පී. සී. ආර්. පරීක්‍ෂණ වලට ලක්වී තිබේ.

 මෙම පිරිස ගුවන් හමුදා කඳවුර තුළින් පිටතට  නොගිය බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad