සියල්ල රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න - වේඬරුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 2, 2020

සියල්ල රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න - වේඬරුවේ හිමි

වතින කොරෝනා තත්වය හමුවේ රජයෙන්ම සියල්ල කරදෙන තෙක් නොසිට ජනතාව තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස්වා ගතයුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියෝ පවසති. 

"අප කාටත් කියන්න බෑ මේ රෝග තත්වය කොයි දිනයේ අහවල් දිනයේ අහවල් මාසයේ නිම වෙනවද කියලා. ඒ නිසා මේ රට වැටී තියෙන තත්වයෙන් ගොඩ ගැනීමට අපේම දේ නිෂ්පාදනය කරගැනීමටත් වගා කරගැනීමටත් ඔබේ අවධානය යොමු කරන්න ඕනෙ. 

තමන්ගේ ආරක්ෂාව තමන්ම ඉටු කරගැනීම අපේ කාගේත් වගකීමයි. සියල්ල රජයෙන් බලාපොරොත්තු වීම නොවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. 

අප සැමදෙනාටත් රටටත් ලොවටත් උතුම් වූ නිරෝගී භාවය ලැබේවා, සැමට තෙරුවන් සරණයි" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

වේඬරුවේ උපාලි හිමියන් මේ බව පැවසුවේ කොරෝනා තත්වය සම්බන්ධයෙන් රටේ මහජනතාව වෙත ඊයේ (02) දිනයේදී විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad