අටලුගමදී සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට කෙළ ගැසූ අයට අවුරුදු 6ක සිර දඬුවම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 22, 2021

අටලුගමදී සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට කෙළ ගැසූ අයට අවුරුදු 6ක සිර දඬුවම්

ණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී බන්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී කොරෝනා රෝගය වැළඳී ඇතැයි අනුමාන කළ පුද්ගලයකු ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රැගෙන යාමට යන අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කෙළ ගැසූ පුද්ගලයාට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගැනුණා.

අදාළ නඩු තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් වූ අතර ඒ අනුව  මෙම කෙළ ගැසීමේ සිද්ධියට සම්බන්ධ බණ්ඩාරගම    ප්‍රදේශයේ පදිංචි "ෆකීර් " නම් හැටපස් හැවිරිදි පුද්ගලයා හට වසර හයක සිර දඬුවම් නියම වුණා. චෝදනා කිහිපයක් යටතේ ඔහුට සිරදඬුවම් නියම වුනා .ඔහුට එල්ල වූ චෝදනා වන්නේ  රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම , සාපරාධී බිය ගැන්වීම , නීරෝධායන නීතිය කැඩීම , චේතනාන්විතව යම් රෝගයක් ව්‍යාප්තියට කටයුතු කිරීම යන චෝදනායි .මීට අමතරව අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට ලක්ෂ දෙක බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ද ඔහුට නියම කෙරුණා. මෙම දඩය නොගෙවන්නේ නම්  තවත් මාස හයක කාලයක් ඔහුට සිරගත සේ ඔහුට සිරගත වීමට සිදු වනවා. 


No comments:

Post a Comment

Post Bottom Ad