ආණ්ඩුව පත් වුණේ සම්පූර්ණයෙන්ම සිංහල ඡන්ද වලින් පමණක් නොවේ.. මුස්ලිම් ජනතාව විශාල කළකිරීමක - අලි සබ්රි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 25, 2021

ආණ්ඩුව පත් වුණේ සම්පූර්ණයෙන්ම සිංහල ඡන්ද වලින් පමණක් නොවේ.. මුස්ලිම් ජනතාව විශාල කළකිරීමක - අලි සබ්රි

ත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම සිංහල ඡන්ද වලින් පත්වූ බවට තමා පිළිනොගන්නා බවත් ලක්ෂ 69කින් ලක්ෂ 60 පමණ සිංහල ඡන්ද ඇති බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි. නමුත් යම් ප්‍රාමාණාත්මක මුස්ලිම්, දෙමල ඡන්දත් අවම වශයෙන් ලක්ෂ පහක් පමණ ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට හිමිවූ බවත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල නිසා
මහ මැතිවරණයේදී විශාල වෙනස්කමකට පත්වූ බවත් ඒ අනුව මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට බේරුවල, මාවනැල්ල, වැලිගම මුස්ලිම් ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබූණු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නමුත් කොරෝනා වසංගත තත්වය සහ විවිධ ප්‍රශ්න මත මේවන විට මුස්ලිම් ජනතාවට විශාල කළකිරීමක් තිබෙන බවත් එය තමන්ට අත්දැකීමෙන් දන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒෂියන් මිරර්



No comments:

Post a Comment

Post Bottom Ad