ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් වන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන් මේ දිනවල මහත් දෙගිඩියාවක පසුවන බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා ආසාදිත වීමට ප්‍රථම අවසන් වරට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමට ගාමිණී ලොකුගේ සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන්ද සහභාගී වී සිටීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
එම රැස්වීමේදී අදාළ මැතිඇමැතිවරුන් මුව ආවරණ හෝ පැළද නොසිටි බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment