මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා - රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 13, 2021

මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා - රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස්

මේ අවස්ථාවේදී ආණ්ඩු බලය ඇල්ලීමට සිතීමවත් නොකළ යුතු බවත් එසේ ආණ්ඩු බලය අල්ලා ගතහොත් සිදුවන්නේ විනාශයක් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රකාශ කර තිබේ. 

මේ මොහොතේ විපක්ෂය කවරාකාරයකින් හෝ බලය අල්ලා ගැනීමක් සිදුකළ හොත් ඔවුන්ට තවත් වසර 10කටවත් බලය ගැන අදහස අතහැර ගැනීමට සිදුවනු ඇති බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ රාජිත සේනාරත්න ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදීය. 

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී සන්ධානගත වීමටත් එම සන්ධානයෙහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටත් සජබ මන්ත්‍රීවරුන් එජාප නායකයාට යෝජනා කර ඇති අතර ඒ පිළිබඳව තමන්ට තනිවම තීරණය කළ නොහැකි හෙයින් එම යෝජනාව පක්ෂයට ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බවත් වාර්තා විය. 

No comments:

Post a Comment

Post Bottom Ad