වෙබ් මාධ්‍ය නියාමනයට ගෙනඑන බව කියන සිංගප්පූරුවෙහි පනවන ලද නීතිය ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමක් බව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන විසින් පෙන්වා දී ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටී.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ වෙබ් මාධ්‍ය නියාමනය කිරීම සඳහා දෙසතියක් ඇතුළත එම නීති ප්‍රසිද්ධ කරන බව පසුගිය වසර අවසානයෙහි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කරන ලද බවත්, එම අවස්ථාවේ ඔහු එම නීති සිංගප්පූරුවේ 2019 වසරෙහි පනවන ලද නීති අනුසාරයෙන් සකස් කරන බවත් සඳහන් කළ බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර, විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධයෙන්ද වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ල පලකර ඇත.
අන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපිද පිළිගන්නා බව සඳහන් කරන එම සංවිධානය ඒවා රාජ්‍ය පාලිත නියාමනයක් නොව ජනමාධ්‍ය විසින්ම පවත්වා ගන්නා ස්වයං නියාමනයක් බවද පෙන්වා දී තිබේ.
ඒ සඳහා සිය සංගමය වෙබ් මාධ්‍යවේදී ආචාර ධර්ම පද්ධතියක් සකස් කොට ප්‍රසිද්ධ කර ඇති බවද එහි දක්වා ඇත.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
No comments:
Post a Comment