සංචාරකයන්ට වෙලදාම් කරන්න දේශපාලන හිතවතුන් දමයි.. බෙන්තොට විරෝධතා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

සංචාරකයන්ට වෙලදාම් කරන්න දේශපාලන හිතවතුන් දමයි.. බෙන්තොට විරෝධතා..

බෙන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල දිංචිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ක්ෂේත්‍රයන් හිනිරතව සිටි දහස් ගණනක සංචාරක මාර්ගෝපදේශකයන් ,ත්‍රීරෝද වෑන් රථ රියදුරන් , ආයුර්වේද ක්ෂේත්‍රය , අවන්හල් සහ සංචාරක හෝටල් යන අංශවල පිරිස් අඛණ්ඩව මේ වන විට වසරකට වැඩි කාලයක් මුළුල්ලේ සිය ආදායම් අහිමි වී දැඩි අසරණ ව සිටින බව කියමින් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසඳුනා 24 දෙනා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් සිය ජීවන වෘත්තිය කරගැනීමට සහනයක් ලබාදෙන ලෙස බෙන්තොට සංචාරක මාර්ගෝපදේශක සංගමය ඉල්ලීමක් කර තිබේ .

එම සංගමය සඳහන් කරන්නේ බෙන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බලපත්‍ර සහිත පිරිස් වලට බෙන්තොට වෙරළ කලාපයට ඇතුළු වීමට පවා ඉඩ නොදෙන මේ වකවානුවේ කොවිඩ් 19 වෛරස් තත්ත්වයෙන් දැඩි පීඩාවට පත්ව සිටියදී සෞඛ්‍ය කොන්දේසි මත බෙන්තොට විවෘත කර තිබෙන සංචාරක හෝටල් වලට පැමිණ සිටින විදෙස් සංචාරකයන් ව ඇසුරු කරමින් විවිධ භාණ්ඩ වෙළඳාම් කිරීමට බස්නාහිර පළාත තුළ පදිංචි කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට පමණක් ඉඩ සලසා දීම පිළිබඳ ඔවුහු එම ලිපියෙන් සිය විරෝධය පළ කර තිබේ .

බෙන්තොට සංචාරක කලාපයට අයත් වෙරළ කලාපයේ කිලෝමීටර් 7 ක මෙම අකටයුත්ත සිදු වන බව ඔවුහු පෙන්වා දෙයි .මේ තත්ත්වය හමුවේ බෙන්තොට ප්‍රාදේශීය සභාව මැදිහත්ව හෝ යම් විසඳුමක් ලබා දෙන ලෙසත් ඉල්ලයි .

මේ පිළිබඳව බෙන්තොට ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ සභාපති පී. ඩී. සරත් ආනන්ද මහතා සඳහන් කළේ මෙම පිරිස් බෙන්තොට ස්ථිර පදිංචි වෙනත් ක්ෂේත්‍ර වල නිරත නොවන අය බවත් මේ ප්‍රදේශයට පරිබාහිරව පැමිණ සිදුකරන වෙළඳාම් කටයුතු වහා සොයා බලා යම් තීරණයක් ගෙන මේ ජනතාවට ත් යම් සාධාරණයක් සිදු කළ යුතු බවයි .

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජැක්සන් කොට්ඨාශ මහතා සඳහන් කළේ බෙන්තර වෙරළ තීරයේ සේෆ් ඇන්ඩ් සික්‍යුරිටී පහසුකම අවශ්‍යයි , සංචාරක මණ්ඩලයත් මෙයට මැදිහත් කරගෙන මේ ගැටළුවට විසඳුම් ලබාදිය යුතු වෙනවා . බෙන්තර සංචාරක කලාපය තුළ බස්නාහිර පළාතේ , කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මැදිහත්ව යම් පිරිසක් අපේ වෙරළේ සංචාරකයන්ට පලතුරු වෙළඳාම් කරනව .ඒ අය එසේ කරද්දී බෙන්තර මිනිස්සු උඩ බලන් ඉන්නවා මේකට වහාම විසඳුමක් අපි සභාවක් විදියට ලබාදිය යුතු වෙනවා . මේ පිළිබඳව වැඩිදුරටත් ඔහු සඳහන් කළේ මේ වෙළඳාම කිරීම බෙන්තර මිනිස්සුන්ට බැරිනම් අනිකුත් පිරිස් වලටත් අවසර නොදිය යුතු බවයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad