ශ්‍රී ලංකාවේ බුර්කා තහනම ලෝකයේම අවධානයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

ශ්‍රී ලංකාවේ බුර්කා තහනම ලෝකයේම අවධානයට

බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය රැසක් දැඩි අවධානය යොමු කර තිබෙනවා. බුර්කාව තහනම් කිරීමටත්, මද්‍රසා පාසල් 1,000ක් වසා දැමීමටත් තීරණය කර ඇති බවට මහජන ආරක්ෂක ආමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ කළ ප්‍රකාශය උපුටා දක්වමිනුයි සියලු විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත්තේ. 

ලොව ප්‍රමුඛ පෙලේ විදෙස් මාධ්‍ය වන බී බී සී, රොයිටර්, අල්ජසීරා, ඒ බී සී නිවුස් මෙන්ම ඉන්දීය මාධ්‍යද අදාල පුවත වාර්තාකර තිබෙනවා. ඔවුන් පවසන්නේ බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය තීරණාත්මක පියවරක් බවයි. පාස්කු ප්‍රහාරය සිදු වී වසර 02කට ආසන්න කාලයක් ගත වි තිබියදී ගත් මෙම තීරණය සැලකිය යුතු පියවරන් ලෙසට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ සුළුතරයක් වන මුස්ලිම් ජනගහණයට බලපාන නවතම ක්‍රියාමාර්ගය මේ බවටයි අල් ජසීරා ප්‍රවෘත්ති නාලිකාව මෙම ප්‍රවෘත්තිය වාර්තා කර ඇත්තේ. 

No comments:

Post a Comment

Post Bottom Ad