බැසිල්ගේ යෝජනාව හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 25, 2021

බැසිල්ගේ යෝජනාව හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි

සීග්‍රයෙන් ව්‍යාප්තව යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින සැමරුම් තහනම් කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට තිබේ.

එහෙත් යම් හෙයකින් මැයි දින සැමරුම් පැවැත්වූයේ නම් පොදු ජන පෙරමුණ තුළ බෙදීමක ආරම්භයක් සිදුවීමට ඉඩ තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඉකුත් 19 වැනි දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී මැයි දිනය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පරස්පර විරෝධී අදහස් මතු වී තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ ම සිටින විකල්ප කණ්ඩායම් පක්ෂ හා සංවිධාන 10 ක් සහභාගි නොවූ මෙම රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා දිගින් දිගටම ශ්‍රීලනිපයෙන් ඉල්ලීම් කොට තිබෙන්නේ මැයි දිනය එකට පවත්වන ලෙසය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කොට තිබෙන්නේ ශ්‍රීලනිපය වෙනම මැයි දිනයක් පැවැත්වීමට මේ වන විටත් තීරණය කොට හමාර බවය.

ඒ අවස්ථාවේ හිටපු ජනපතිවරයාගේ මතයට සහය දෙමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කොට තිබෙන්නේ හිටපු ජනපතිවරයා නායකත්වය දුන් 2015-2019 යහපාලන ආණ්ඩුවට පොදුජන පෙරමුණ මැයි දින වේදිකාව තුළදී බැන්නොත් ගන්නා තීරණය කුමක්ද යන්නය.

එම තර්ක විතර්ක හමුවේ ඒ සම්බන්ධයෙන් රැස්වීම අවසන් වන තුරුත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad