ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් 1891ක්. දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 13,815 දක්වා ඉහළට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 2, 2021

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් 1891ක්. දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 13,815 දක්වා ඉහළට !

ඊයේ (02) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1891ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙය දිනක් තුළ මෙරටින් හඳූනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වේ. 

මේ අතරින් 1843 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් ද සෙසු 48 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය අතරින් ද හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 

මේත් සමග දැනට ප්‍රතිකාර ලබමින් සිටින සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 13815ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ද මෙරටින් වාර්තා වූ ඉහළම සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වේ. 

මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 111,753 දක්වා ඉහළ ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad