අපේ පවුල්වලට කොවිඩ් එන්නත් ගහගැනීම ප්‍රශ්න කරනවා නම් මේක ශිෂ්ඨසම්පන්න රටක්ද ? - GMOA - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

අපේ පවුල්වලට කොවිඩ් එන්නත් ගහගැනීම ප්‍රශ්න කරනවා නම් මේක ශිෂ්ඨසම්පන්න රටක්ද ? - GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තමන්ගේ පවුල්වල සමාජිකයින්ට ප්‍රමුඛතාවය ලබාගෙන කොවිඩ් එන්නත් ලබාගැනීම කිසිවකු ප්‍රශ්න කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ශිෂ්ඨසම්පන්න භාවය කොතරම්දැයි ප්‍රශ්නයක් තමන්ට මතුවන බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අවධාරණය කරයි.

"ඕවා ඉතිං මෙහෙමයි, ඔබතුමන්ලා මාධ්‍යවේදීන් හැටියට පුවත්පතක තියෙන ඕනෙම එකක් අපෙන් අහනවා නම් අපට ඒකට උත්තර දෙන්න අපරාදෙ වෙලාව... නෑ ... ඔබ ... අපටත් මෙහෙමනෙ. අපිත් අපෙ පවුල් අනතුරට දාගෙන අපි රස්සාවක් කරනවා. ඊට අමතරව අපි සංගමයක් කරනවා. ඒ සේරම කරලා ඉවර වෙනකොට ... මේකෙ දීපු එන්නතක් ගැන නම් මීඩියා එකේ යවන්න ඕනෙ, ඒ රට මොනතරම් මේ ... අර ... ශිෂ්ඨසම්පන්නද කියලා ප්‍රශ්නෙ තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව පැවසුවේ පෙරේදා (25) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad