නගරාධිපතිගේ චිට් එකට එන්නත් දීම තමා හරි. බය නැතුව කුරුණෑගලත් එහෙමම කරන්න – ජොන්ස්ටන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

නගරාධිපතිගේ චිට් එකට එන්නත් දීම තමා හරි. බය නැතුව කුරුණෑගලත් එහෙමම කරන්න – ජොන්ස්ටන්

නගරාධිපතිගේ ලැයිස්තුවකට අනුව තුණ්ඩු ලබාදෙමින් කොවිඩ් එන්නත්කරණය සිදුකිරීම යනු නිවැරදිම ක්‍රමවේදය බවත් එය ක්‍රියාත්මක කළ මොරටුව නගරාධිපතිවරයාට විපක්ෂය පහරදුන් නමුත් ඒවාට බිය නොවී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් එම ක්‍රමවේදයම ක්‍රියාත්මක කරන ලෙසත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මේකට අවශ්‍ය ඉල්ලුම්පත්‍රය දවස් 4ක් තියෙද්දි අපි තමුන්නාන්සෙලාට ලැබෙන්න සලස්වනවා. දැන් මොරටුවෙ නගරාධිපතිතුමාට හරියට දොස් කිව්වා. හැබැයි ඇත්ත කතාව මොරටුවෙ නගරාධිපතිතුමා තමයි ක්‍රමානුකූලවම මේක හදලා තිබිච්ච එකම තැන කියන්න පුළුවන්. හරියට සීය සීය සීය ගෙනල්ලා ඉවරවෙලා එතුමා අර සීල් එක ගහලා නගරාධිපතිතුමා හැටියට නොම්බරේ දුන්නා කියන එකට තමයි ගහන්නෙ. අර පොඩි කොළේ දුන්න එකට තමයි පහරදෙන්න පටන් ගත්තෙ විපක්ෂය. ඇත්තටම ෆේස්බුක් එකෙයි පාර්ලිමේන්තුවෙයි හැමතැනම පහරදුන්නා.

ඒ හින්දා ඔයගොල්ලො නායකත්වය ගන්න බයවෙන්න එපා. හරි දේ කරනකොට බැණුම් අහන්න වෙනවා. ඒවාට බයවෙන්න හොඳ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ පසුගිය 25 වනදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, එම පක්ෂයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad