එක්ස්ප්‍රස් පර්ල් ගි න්නෙන් මුහුදු ජීවීහු රැසක් දැවෙති..ඩොල්ෆින් මසුන් 33ක්,කැස්බෑවුන් 28ක් ඒ අතර ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

එක්ස්ප්‍රස් පර්ල් ගි න්නෙන් මුහුදු ජීවීහු රැසක් දැවෙති..ඩොල්ෆින් මසුන් 33ක්,කැස්බෑවුන් 28ක් ඒ අතර !

‘‘එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාව ගිනි ගැනීම නිසා සමුද්‍ර ආරක්ෂිත සත්ත්ව විශේෂවලට සිදුවී තිබෙන හා නිය පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන්ට අනුව කැස්බෑවුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් 33 දෙනකු ඇතුළු මුහුදු ජීවීන් සහ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මි ය ගොස් ඇත.

එම වාර්තාවන්ට අනුව ඉකුත් මැයි මස 29 වැනිදා සිට ජුනි මස 09 වැනිදා දක්වා කාලය තුළදී මෙම ම රණ වාර්තා වන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

කැස්බෑවුන් 28 කගේත්, ඩොල්ෆින් මත්ස්‍යයන් 05 දෙනකුගේත් (05) ම ළ සිරුරු වැල්ලවත්ත, දෙහිවල, මොරටුව, එගොඩඋයන, පානදුර, කොස්ගොඩ, ඉඳුරුව, ගාල්ල, උණවටුන, කුඩාවැල්ල, මාරවිල, තොඩුවාව යන වෙරළ තීරයන්ට ගොඩගසා තිබූ බව ද එම අමාත්‍යාංශය කියයි.

මි ය ගිය කැස්බෑවුන් අතර බටු කැස්බෑවන් 07ක්ද, පොතු කැස්බෑවන් 04ක්ද, ගල් කැස්බෑවන් 04ක්ද, සිටී. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තවත් කැස්බෑවන් දෙදෙනකු පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.

නෞකාවෙන් සිදුවූ පරිසර හා නිය නිසා පරා, ගල්මාළු, මුහුදු ආඳා යන මුහුදු ජීවීන්ද, මුහුදු පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මි ය ගොස් ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය කියයි.

ආදාළ නැව් සමාගමට එරෙහිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන අධිකරණ ක්‍රියාමාර්ගයන්හිදී සමුද්‍රීය ආරක්ෂිත සතුන්ට සිදුවූ හා නිය පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි ද වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පවසයි.

සාලිය කුමාර ගුණසේකර


No comments:

Post a Comment

Post Bottom Ad