ගෙස්ට් හවුස් එකක් හදන්න දඹුල්ල පරිසරය වනසන බලවතා කවුද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

ගෙස්ට් හවුස් එකක් හදන්න දඹුල්ල පරිසරය වනසන බලවතා කවුද?

දඹුල්ල නගර මාධ්‍යයෙන් ගලායන  මිනිරිස්ගොනියා ඔයරක්ෂිතයේ  පාලම්  බැම්ම සහිත ප්‍රදේශය මේ වනවිට කැති උදළු යොදාගනිමින් සුද්ද පවිත්‍ර කරනු දැකගත හැකිය. කෙසේ නමුත් අදාළ හෙළි පෙහෙළි කිරීම් හමුවේ දඹුල්ල අනුරාධපුර, දඹුල්ල ත්‍රිකුණාමලය මාර්ගය හරහා වැටි ඇති  පාලමට අණතුරක් විය හැකිය යන්න නිරීක්ෂණ වන්නක් වෙයි.

කොරොනා වලට මුවා වී දඹුල්ල පරිසරය වනසන නගර කම්කරුවෝ මෙහෙයවන අදිසි හස්තය කාගේද ?

එය එයා කාරයෙන් සිදුවෙද්දී ‘ කිසිඳු තැකීමක් නොකර රජයේ නවාඩු දින ද යොදා ගනිමින් පෙරේදා (12) දින නගර සේවකයින් යොදාගෙන ඇල රක්ෂිතය උදුලුගෑම අඛණ්ඩව සිදුකර ඇත. තවද නගර සේවකයෝ  ලවා රක්ෂිතයේ විශාල මී ගස් කීපයක්  කුට්ටි කොට රැගෙන ගොස් ඇති අතර අප වාර්තාකරු එහි යනවිටත් ගසෙහි කොටස් කීපයක් ඉතිරිව ඇති ආකාරය දැක ගත හැකි විය.

කෙසේ නමුත් දඹුල්ල ප්‍රාදේශිය ලේකම් වරයා සඳහන් කරන්නේ රක්ෂිතය එළි පෙහෙළි කරන්නේ කඩිනම් සංචාරක නැවැතුම් පොලක් ඉදිකිරිමක් සඳහා බවයි.

මේ අතර දඹුල්ල  ප්‍රාදේලේකම්වරයා එම සථානයෙන් බැහැරව ගිය පසුත්  ඔය රක්ෂිතයට තදබල ලෙසින්  හානි කරමින්   ශූද්ධ පවිත්‍ර කරණ  අයුරු දැක ගත හැකි විය.

මහින්ද  උදයසිරි  දඹුල්ල
අරුණ 


No comments:

Post a Comment

Post Bottom Ad