අද දින රට විවෘත කිරීමත් සමඟ ජනතාව රිසි සේ හැසිරීමට යෑමෙන් විශාල හානියක් සිදුවිය හැකි බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසති.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඌරුවරිගේ වන්නියලැඇත්තන්,
“මට මතක තියෙනවා අපේ රටේ සිංහල අවුරුද්ද තිබුන දවස්වල. ආණ්ඩුවෙන් අවුරුද්දට හොඳටම නිදහස දීලා තිබුණා. හැබැයි අවුරුදු කෑවා. විනෝද වුණා. ඒ විනෝද වුන එකේ ප්‍රතිඵල අද දවස වෙනකොට අපි විඳිනවා. ඉතින් ඒ වගේම තමයි අද දවසේ මේ රට විවෘත කරා කියලා. අපි හිතෙන හිතෙන තැනවලට යන්න පටන් ගත්තොත්, අපිට හිතෙන හිතෙන විදිහට හැසිරුනොත්, දැක්කා නේ ඉන්දියාව කියන රටෙන් තව වෙන මොකක්ද ලෙඩකුත් ඇවිල්ල තියෙනවලු. මේ කොරෝනාට වඩා ඒ කොරොනාව භයානකයි කියලා තමයි කියන්නේ. ඉතිං මිනිස්සු තේරුම් ගන්න ඕන. මේක බලධාරීන්ට නවත්තන්ඩ අමාරුයි. මේ රට කොයිතරම් කාලයක් වහගෙන හිටියත්. මේ ලෙඩේ නතර කරන්න අමාරුයි. මේ ලෙඩේ නතර කරගන්න නම් මේ සමාජයේ මේ ලෙඩේ ගැන හොඳට තේරුම් ගන්න ඕන. සමාජයේ ආරක්ෂා කරගන්න ඕන. අපි කොහෙද හරි යනවා නං අපි හැම වෙලාව මතක තියාගන්න ඕන. මේ රටේ තවමත් මේ වසංගතය තියෙනවා. මේකෙන් ආරක්ෂා වෙන්න ඕන, බෙහෙත් විද්දත් මේ ලෙඩේ බෝ වෙනවා කියලා කියනවා සමහර වෙලාවට. ඉතින් අද දවසේ මේ මිනිස්සුන්ට ලැබෙන නිදහස, අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැතුව සියලුදෙනාම දරු පවුල ගැන හිතාගෙන හැසිරෙන්න කියන ඉල්ලීම තමයි මම මේ කරන්නේ.“


No comments:
Post a Comment