රාජ්‍ය සේවකයන් එක්ව කටයුතු නොකලොත් රට විනාශ වීම වලකන්න බෑ - සෞඛ්‍ය ඇමතිනි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

රාජ්‍ය සේවකයන් එක්ව කටයුතු නොකලොත් රට විනාශ වීම වලකන්න බෑ - සෞඛ්‍ය ඇමතිනි

කොරෝනා වසංගතය රටපුරා තව තවත් ව්‍යාප්ත වුවොත් සහ සෞඛ්‍ය අංශ සමඟ සියලු රාජ්‍ය සේවකයන් එක්ව කටයුතු නොකළහොත් සෞඛ්‍ය, ආර්ථික සහ සමාජීය වශයෙන් විශාල අර්බුදයකට ලක්ව රට විනාශයට පත්වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.

මෙම ජාතික ආපදා අවස්ථාවේ සෞඛ්‍ය සේවාව සමග සියලු රාජ්‍ය සේවකයන් අත්වැල් බැඳගත යුතු බව ද ඇය අවධාරණය කරයි.

වෛරසය මැඩලීමේ කටයුත්ත රජයට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට පමණක් කළ නොහැකි බවත් රජයේ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛත්වය ගත යුතු බවත් ඇය සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කරන ලදී සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad