කොරෝනා රහස් දන්නා චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

කොරෝනා රහස් දන්නා චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී!

චිනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම චීනයේ බුද්ධි අංශ භාරව කටයුතු කළ අමාත්‍යවරයාද වන ඩොන් – ජින් – වේ යි සිය දියණියද සමග ඇමරිකාව වෙත පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාවට පලා ගිය චීන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූහාන් රසායනාගාරය පිළිබද සියළු රහස් ඇමරිකාව වෙත ලබා දී ඇති බවද වාර්තා වේ.

මුලින් හොංකොං වෙත පැමිණ ඇති අමාත්‍යවරයා සහ ඔහුගේ දියණිය එතැනින් ඇමරිකාව වෙත පළාගොස් තිබේ.

ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ඉහළ නිළධාරීන් නැවත චීනය වෙත පිටත් කර එවන ලෙස චීන රජය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්, එම ඉල්ලිම් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවද පැවසේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් චීනය හෝ ඇමරිකාව විසින් තහවුරු කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad