ඉන්ධන අර්බුදයේ.. සිපේට්කෝ ඩොලර් ඉල්ලයි.. චීනය-ජපානය බෑ කියයි.. ජාත්‍යන්තර පුද්ගලික සමාගම්වලින් ඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

ඉන්ධන අර්බුදයේ.. සිපේට්කෝ ඩොලර් ඉල්ලයි.. චීනය-ජපානය බෑ කියයි.. ජාත්‍යන්තර පුද්ගලික සමාගම්වලින් ඉල්ලයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගන්නා ලද ණය පොලිය පියවීම සඳහා රජය විසින් ජාත්‍යන්තර පෞද්ගලික ණය දෙන ආයතන වලින් ඩොලර් බිලියනයක ණයක් ගැනීමට සුදානමින් සිටින බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

මෙසේ ලබාගන්නා මුදල් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තෙල් සංස්ථාව විසින් ගෙවීමට ඇති ණය පොලියෙන් කොටසක් ගෙවීමට යොදවනු ඇතැයිද එම වාර්තාවල සඳහන්ය.

අඩු පොලී අනුපාතික යටතේ මෙම ණය මුදල ලබා ගනීමට බලශක්ති අමාත්‍යංශය චීන හා ජපාන බැංකු සමග සිදු සාකච්ඡා කර ඇති නමුත් මෙරට පවතින මුල්‍ය අර්බුදය නිසා එම සාකච්ඡා බොහෝ දුරට අසාර්ථක වී ඇතැයි ද වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad