කොරෝනාවෙන් මියයන අයට නොමිලේ දෙන මිනී පෙට්ටි හැදූ සේවකයින්ට කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

කොරෝනාවෙන් මියයන අයට නොමිලේ දෙන මිනී පෙට්ටි හැදූ සේවකයින්ට කොරෝනා !

බේරුවල ප්‍රාදේශීය සභාවේ මාලවන් බද්ද උප කාර්යාලයේ රියැදුරන් දෙදෙනෙකු සහ කම්කරුවන් දෙදෙනකු කොරෝනා ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පි.ජයනක මහතා (14) දින පැවසීය.

කොරෝනා ආසාදිත මෙම සේවකින් සිව්දෙනා පාදාගොඩ කොම්පෝස්ට් අංගනයේ ක්‍රියාත්මක වූ ,, කොරෝනා රෝගී තත්ත්වයෙන් මියයන පුද්ගලයන් වෙනුවෙන් බේරුවල ප්‍රාදේශීය සභාව නොමිලේ ලබාදෙන මිනී පෙට්ටි සැකසීමේ ,, කටයුතු වල නිරත සිටි අයවේ.

ආසාදිත පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමුකර ආශ්‍රිතයන් ද නිරෝධායනයට කටයුතු කර ඇතැයි කීහ .

– තුසිත කුමාර ද සිල්වා


No comments:

Post a Comment

Post Bottom Ad