ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට ඒරෙහිව වහාම විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපේ ජනබල පක්ෂය තීන්දු කර ඇත.
පෝර්ට් සිටි පනතේදී ඊට එරෙහිව ජන්දය භාවිත කළ යුතු බවට පක්ෂය තීරණය කර තිබියදී ආණ්ඩුව සමග එක්ව ඊට ජන්දය ප්‍රකාශ කළ බවට උන්වහන්සේට චෝදනාවක් එල්ල වී ඇත.
මීට අමතරව තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ මතයට පිටින් යමින් උන්වහන්සේ ගම්මන්පිල මහතා සහ ආණ්ඩුව ආරක්ෂා කරන ස්ථාවරයක සිටින බවටද චෝදනා එල්ල වි තිබේ.
එමෙන්ම මුලින් ඇතිකරගත් එකගතාවන්ට අනුව වහාම මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව ඥානසාර හිමියන්ට මන්ත්‍රීධුරය ලබා නොදී දිගටම පාර්ලිමේන්තුවේ රැදී සිටීම සම්බන්ධයෙන්ද රතන හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.


No comments:
Post a Comment