දරුවන් දැඩි අවධානමක - කොවිඩ් වැළඳුණු දරුවන් අතර පැතිරෙන රෝගයක් - ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

දරුවන් දැඩි අවධානමක - කොවිඩ් වැළඳුණු දරුවන් අතර පැතිරෙන රෝගයක් - ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි

කොවිඩ් වැළඳුණු දරුවන් අතර පැතිරෙන රෝගයක්

කොවිඞ් රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ රෝග තත්ත්වයක් දරුවන් අතරේ පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

මේ වන විට එවැනි රෝගී දරුවන් හය දෙනකු ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.

දරුවකුට කොවිඞ් හැදිලා දවස් 14 කට පස්සේ ඇතිවන සංකූලතාවයක් තමයි මේක. විශේෂයෙන් අවුරුදු 5 ත් 15 ත් අතර දරුවන් අතරේ මේ රෝග තත්ත්වය ඇතිවෙනවා. මේකට කියන්නේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවයයි.
උණ, බඬේ අමාරුව, වමනය යෑම, ඇස් රතුවීම, තොල්, දිව රතුවීම, බෙල්ලේ වසා ගැටිති ඇතිවීම, සිරුරේ දද වැනි දේවල් තමයි මේ රෝගයේ ප‍්‍රධාන ලක්‍ෂණ වෙන්නේ. මෙහි ඇති භයානක තත්ත්වය තමයි හෘදය වස්තුවට බලපෑම් කරලා රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයන්න වුණත් පුළුවන්.

මේ අලූත් රෝගී තත්ත්වය 2020 දී එංගලන්තයේදී හඳුනාගෙන තියෙනවා. දැනටත් ඇමෙරිකාව හා එංගලන්තය වැනි රටවල්වල මේ රෝගයට ගොදුරු වූ දරුවන් මියගිහින් තිබෙනවා. මේ රෝගයට ගොදුරුවූ දරුවන් මේ වන විට ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. මේ දරුවෝ 6 දෙනා කොළඹ අවට ප‍්‍රදේශවල අයයි. මේ දිනවල දරුවන් පරිස්සම් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. දරුවන් ගමන් බිමන් සඳහා රැුගෙන යන්න එපා.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
Divaina

No comments:

Post a Comment

Post Bottom Ad