පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ලී කොටවලට තබා ඇණ ගසලා. සැකකරුවන් අතුරුදන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ලී කොටවලට තබා ඇණ ගසලා. සැකකරුවන් අතුරුදන්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අපහාස කළැයි කියන සිදුවීමක් මත පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික වධහිංසාවට පත්කිරීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. 
අදාළ පුද්ගලයින් දෙදෙනාව බලගොල්ල ප්‍රදේශයේ නිවෙසකට ගෙන්වාගෙන ඔවුන්ව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කුරුසියේ තබා ඇණගසන ආකාරයට ඔවුන්ව ලී කොට මත තබා ඇණගසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 

සිද්ධියෙන් තුවාල ලැබූ මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු සහ කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

සිද්ධියෙහි ප්‍රධාන සැකකරු වන අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන 30 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. 

No comments:

Post a Comment

Post Bottom Ad