ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි

ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගෝ හෝ අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එය ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ඉතා ගැඹුරින් සාකච්ඡා කර ඉතා අකමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් බවයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය මැද මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්නා ආකාරය ගැන ජනාධිපතිතුමන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

ඉන්ධන මිල වැඩිකිරීමට වගකීම බාර ගෙන ඇමති උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු යයි නිවේදනය කල පක්‍ෂ මහ ලේකම් සාගර කාරියවසම් මාද්‍ය හමුවට සහභාගී නොවීය.

එකී නිවේදනය පිළිබදව උදය ගම්මන්පිළ මහතා වෙත කණගාටුව පළකරන බවද එමගින් සිත් රිදීමක් වූයේනම් පක්ෂය වෙනුවෙන් කණගාටුව පළකරන බවත් අරුන්දික ප්‍රනාන්දු එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad