EXCLUSIVE : බැසිල් පාර්ලිමේන්තුවට! ඇමැතිකමත් සූදානම්!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 18, 2021

EXCLUSIVE : බැසිල් පාර්ලිමේන්තුවට! ඇමැතිකමත් සූදානම්!!

මේ වනවිට අමෙරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එසේ පැමිණීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට සූදානමින් සිටින බවත් පොදුජන පෙරමුණු ආරංචි මාර්ග තහවුරු කරයි. ඉන් අනතුරුව ඒ මහතා මුදල් අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කොට ඇති බවද එම අරංචි මාර්ග පෙන්වා දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු වැඩකටයුතු සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සදහා ඉල්ලා අස්වීමට නියමිත ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා සමගද අගමැතිවරයා සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

ලබන 23 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමට සූදානමින් සිටී.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad