15 හැවිරිදි දැරියගේ මතකය හොඳයි! මාලේ හිටපු රාජ්‍ය ඇමැතිව හඳුනාගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

15 හැවිරිදි දැරියගේ මතකය හොඳයි! මාලේ හිටපු රාජ්‍ය ඇමැතිව හඳුනාගනී!

ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි හඳුනාගෙන තිබුණි.

මීට අමතරව තවත් පුද්ගලයන් තිදෙනෙකු හදුනා ගැනීමටද දැරිය සමත්ව තිබිණ.

මෙලෙස හඳුනාගනු ලැබුවේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි.

කෙසේ වෙතත් මාලදිවයින් ජාතිකයාට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ හෙයින් මහෙස්ත්‍රාත්වරිය ඔහුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ නමුත් සෙසු සැකකරුවන්ගේ විමර්ශන අවසන් නොමැති හෙයින් ඔවුන්ව ජුලි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිදුකරන විමර්ශනයට අනුව මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad