GSP අහිමි වුනොත් ඩොලරය යන ගාන රනිල් හරියටම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

GSP අහිමි වුනොත් ඩොලරය යන ගාන රනිල් හරියටම කියයි

GSP (යුරෝපා සංගමයේ වෙළඳ වරණ සහන ක්‍රමය) සහනය අහිමි වුවහොත් ඉතා නුදුරේම ඇමරිකානු ඩොලරය රු.300 දක්වා ඉහළ යනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවනවා. ශ්‍රී ලංකාවට GSP සහනය අහිමි කිරීම පිළිබඳව මේ වනවිට යුරෝපා පාර්ලිමේන්තුව අනතුරු අඟවා ඇති බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

විදේශ විනිමය උපයන ක්ෂේත්‍ර කඩා වැටීම

මේ වන විට සංචාරක , ධීවර , විදේශ රැකියා යන විදේශ විනිමය උපයන ක්ෂේත්‍ර ද කඩා වැටීමකට ලක්ව තිබෙන බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා තවමත් ආර්ථිකය යාන්තම් ගැටගසා ගන්නේ තේ සහ ඇඟළුම් කර්මාන්තයෙන් බවයි සඳහන් කරන්නේ.

තහනම් කොට තිබූ GSP සහනය 2017 තම ආණ්ඩු සමයේ ශ්‍රී ලංකාවට යළි හිමි වීම හේතුවෙන් ආර්ථිකය ශක්තිමත් වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා එමඟින් ධීවර හා ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍ර වලට විශේෂ වාසියක් අත් වූ බවද අවධාරණය කරනවා.

රට විශාල මුදල් අර්බුදයක

මේ වනවිට රට තුළ විදේශ සංචිත හිඟයක් මෙන්ම මුදල් හිඟයක්ද තිබෙන බව පෙන්වාදෙන වික්‍රමසිංහ මහතා ආණ්ඩුව දේශපාලනය නොකොට මහජන සුබ සිද්ධිය වෙනුවෙන් පියවර ගන්නා ලෙසයි ඉල්ලා සිටින්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad