ඩෙල්ටා පැතිරීම අනතුරුදායකයි.. එන්නත් මාත‍්‍රා දෙකම වහාම ගන්න - ජපුර සරසවියෙන් දැනුම්දීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 3, 2021

ඩෙල්ටා පැතිරීම අනතුරුදායකයි.. එන්නත් මාත‍්‍රා දෙකම වහාම ගන්න - ජපුර සරසවියෙන් දැනුම්දීමක්

රට තුළ මේ වන විට ඇති වඩාත්ම වේගයෙන් පැතිර යන ඉන්දීය කොරෝනා වෛරස ප්‍රභේදය එන්නත් ලබා නොගත් අයට හෝ අර්ධ වශයෙන් ලබාගත් අයට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කරයි.

එබැවින් එන්නත්කරණය වඩා වේගවත් කළ යුතු බවත් සැළකිය යුතු ප්‍රතිශතයක් පූර්ණ එන්නත් කරනයට ලක් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

කොරොනා වෛරසය පැතිර යෑමේ තර්ජනය තවමත් පහව ගොස් නැතැයි ද ඔහු පෙන්වාදෙයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad