අන්තර්ජාලයෙන් 15 හැවිරිදි දැරිය මිලදී ගත් නැව් කපිතාන්වරයකු සහ මැණික් මුදලාලි කෙනෙක් අල්ලයි | Gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 3, 2021

අන්තර්ජාලයෙන් 15 හැවිරිදි දැරිය මිලදී ගත් නැව් කපිතාන්වරයකු සහ මැණික් මුදලාලි කෙනෙක් අල්ලයි | Gossip Story


15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු, නැවක කපිතාන්වරයකු සහ ඔහුගේ සහයක ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට ලක් වූ බාලවයස්කාර දැරියගේ ජංගම දුරකථනය මඟින් අනාවරණය කරගන්නා තොරතුරු අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිදුකරන විමර්ශන අනුව තවත් පුද්ගලයින් 16 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad