ආණ්ඩු පෙරළියට දින දෙයි - බලවේග රැසක් රහස් සාකච්ඡා! නායකත්වයට ප්‍රබලයෙක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

ආණ්ඩු පෙරළියට දින දෙයි - බලවේග රැසක් රහස් සාකච්ඡා! නායකත්වයට ප්‍රබලයෙක්!

2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

එම ආණ්ඩුවේ නායකත්වය ගන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බලගතු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මූලික පදනම මේ වනවිටත් සකස් කරමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමට මූලික වී කටයුතු කළ ප්‍රබලයින් සහ බලවේග රැසක් සහ විපක්ෂයේ කණ්ඩායම් සමගත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මේ වනවිට කටයුතු කරමින් සිටන බවත් අබෙිවර්ධන මහතා අනාවරණය කරනවා.

"ආණ්ඩුව පිහිටුවන්නේ කොහොමද කියා ඇතැම් අයට ප්‍රශ්නයක් විය හැකියි. පක්ෂය දෙන උපදෙස්වලට අනුව තමන්ගේ වගකීම ඉටුකරමින් 2023 ආණ්ඩුවක් බලයට පත්කරගන්නා වැඩපිළිවෙල දෙස විමසිල්ලෙන් බලාසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා"යනුවෙන් ද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad