රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 22, 2021

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. 

ඒ, මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියා සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරුව්කරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසට, ඊයේ පැමිණ මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් මියයාම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


No comments:

Post a Comment

Post Bottom Ad