"සිහින තිබුණට කෝටියක් මොළේ නැහැ එක බිංදුවක්" - සජිත් ගැන තෙවරප්පෙරුමගේ විග්‍රහය - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 22, 2021

"සිහින තිබුණට කෝටියක් මොළේ නැහැ එක බිංදුවක්" - සජිත් ගැන තෙවරප්පෙරුමගේ විග්‍රහය - (video)

සමඟි ජන බලවේගය විසින් තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ගැන ඊයේ (22) දිනයේදීත් දේශපාලන වේදිකාවේ කතා බහට ලක් විය.

ඊයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ සමඟි ජන බලවේගයේ මෙම විශ්වාසභංග යෝජනාව විසින් ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරු ශක්තිමත් කළ බවයි. 

එයින් පෙන්නුම් කළේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැනුමේ තරම බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

සිහින තිබුණට කෝටියක් මොළේ නැහැ එක බිංදුවක් යනුවෙන් මෙහිදී තෙවරප්පෙරුම මහතා සමඟි ජන බලවේගයේ නායකයා ගැන සිය දැක්ම ප්‍රකාශ කරන ලදී. 


No comments:

Post a Comment

Post Bottom Ad