රන්ජන්ට ජනපති නිදහස් අහිමි වෙයි? ඇමතිගෙන් ප්‍රකාශයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

රන්ජන්ට ජනපති නිදහස් අහිමි වෙයි? ඇමතිගෙන් ප්‍රකාශයක් !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඬුවම් ලබාදී සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස් ලබාදීමට තරම් හේතුවක් මෙතෙක් කිසිවෙකුත් විසින් ඉදිරිපත් කර නැති බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා තිබෙනවා.

රන්ජන් හට පොදු සමාව යටතේ නිදහස් ලබා දෙන්නැයි සමගි ජන බලවේගය විසින් කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ නිදහස ලබාදීම සඳහා සාධාරණ හේතුවෙක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස බවද අමාත්‍යවරයා පවසා සිටියා.

රන්ජන් වෙත එල්ල වී ඇති චෝදනාව බරපතළ එකක් බවද ලොහාන් රත්වත්තේ මහතා විසින් සඳහන් කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad