සෞභාග්‍යයේ දැක්ම මෙන්න. පිළිකා ඖෂධ, තයිරොක්සින්, ඉන්සියුලීන් ඇතුළු ඖෂධ රැසක දැඩි හිඟයක් - රාජිත (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 29, 2021

සෞභාග්‍යයේ දැක්ම මෙන්න. පිළිකා ඖෂධ, තයිරොක්සින්, ඉන්සියුලීන් ඇතුළු ඖෂධ රැසක දැඩි හිඟයක් - රාජිත (VIDEO)

පිළිකා ඖෂධ, තයිරොක්සින් සහ ඉන්සියුලින් ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක දැඩි හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
ඒ, ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එපමණක් නොව ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණවල ද විශාල හිඟයක් පවතින බවයි සේනාරත්න මහතා සඳහන් කළේ.

සෞභාග්‍යයේ දැක්ම මෙයදැයි යන්න මෙහිදී හිටපු අමාත්‍යවරයා විමසා සිටියේය.

කෙසේවෙතත් තමන් සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේ මෙවැනි තත්ත්වයකට රටේ සෞඛ්‍ය පද්ධතිය පත් නොවුණු බවයි හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad