චීනය නිසා තරහ වෙලා ඉන්න ඉන්දියාව යාළු කරගන්න ආණ්ඩුවෙන් අවුරුදු 3ක මෙහෙයුමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 15, 2021

චීනය නිසා තරහ වෙලා ඉන්න ඉන්දියාව යාළු කරගන්න ආණ්ඩුවෙන් අවුරුදු 3ක මෙහෙයුමක්!

චීනය සමග සමීප හිතවත්කම් පැවැත්වීම හේතුවෙන් ඉන්දියාව සමග පලුදු වී ඇති මිත්‍රත්වය යළිත් වර්ධනය කර ගැනීම සදහා වසර 3ක සැලැස්මක් ආණ්ඩුව විසින් සකස් කොට ඇති බව වාර්තා වේ. මෙම සැලැස්ම පිටු 27ක වාර්තාවක් ලෙස සකස් කිරීමට ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස වැඩ බාරගත් මිලින්ද මොරගොඩ මහතා කටයුතු කොට තිබේ.

ඒ අනුව යුද්ධය අවසන් කාලයේදී ලංකාවේ බලධාරීන් ඉන්දියාව සමග කටයුතු කළ ආකාරය අධ්‍යයනය කිරීමටද මෙහිදී යෝජනා කොට තිබේ.

මීට අමතරව තමිල්නාඩුව සමග සහ එහි දේශපාලකයන් සමග සමීප හිතවත්කම් වර්ධනය කරගැනීමද එක් යෝජනාවකි. එහිදී දෙරට අතර පවතින ගැටලු සාකච්ජා මාර්ගයෙන් විසදා ගැනීමට යෝජනා වී ඇති බවද සදහන්ය.

එමෙන්ම උපායමාර්ගික සහයෝගීතාව, මිලිටරි සබඳතා සහ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සඳහා පුළුල් සහයෝගීතාවක් ඇති කිරීමටද මෙහිදී යෝජනා වී ඇත.

mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad