රජයට ආදායම් ගන්න කළුගඟේ මැණික් නිධානයෙන් 50% රජයට ගන්න නීති හදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

රජයට ආදායම් ගන්න කළුගඟේ මැණික් නිධානයෙන් 50% රජයට ගන්න නීති හදයි

රජයට මුදල් අවශ්‍යතාවක් පවතින මේ මොහොතේ කලු ගඟේ කිරිඇල්ලේ නම්මුනියාවත්තේ ‘මැණික් නිධානයේ’ මැණික් ආදායමෙන් 50%ක් රජය ලැබෙන ආකාරයට නීති සකසා ඇති බව රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේය.

රාජ්‍ය ඇමතිවරයා මෙම “මැණික් නිධානයේ’ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය එක්විය.කෝටි ගණන් වටිනා මැණික් මෙම ස්ථානයෙන් මතුවීම නිසා එතැනට ‘නිධානය’ යන නම යෙදුනි.

පසුගිය කාලයේදී මෙතැන මැණික් ඉල්ලම් ගොඩගනු ලැබුවේ අනවසරයෙනි.තහනම් උපකරණ වූ ශකර් යන්ත්‍ර ද ඊට යොදා ගැනුනි.ප්‍රදේශයේ පතල්කරුවන් සහ වැලිගොඩ දමන්නන් විසින් මීට වසර දොළහකට පෙර මෙම ‘නිධානය’ ලෙස නම්කළ මැණික් නිධිය සොයාගනු ලැබිනි.

පසුව මෙම මැණික් ‘නිධානය’ අනවසර මැණික් ග’රන්නගෙන් ආරක්ෂා කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය
බලකායේ උප කඳවුරක් ද එම ස්ථානයේ ස්ථානගත කරන ලදී.

මේ වනවිට මෙම ස්ථානයේ මැණික් ගැරීම නියාමන පතල් ක්‍රමයට සිදුකරනු ලබයි.නියාමන ක්‍රමය යටතේ මැණික් පතල වැඩට ප්‍රදේශයේ සමෘද්ධිලාභින් යොදාගනු ලබයි.ලැබෙන ආදායමෙන් 25% ඔවුන්ටය.එමෙන්ම තවත් 25% බලපත්‍රලාභීන්ටය.ඉතිරි 50% රජයටය.


No comments:

Post a Comment

Post Bottom Ad