දිලිත් ජයවීරට අයත් සමාගමක් හරහා මෙරටට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටල ආනයනය කරන අතර ඒවා ඉහල මිලකට අලෙවි කිරීම මගින් අසාධාරණ අධික ලාබ උපයමින් සිටින බව ඕමල්පේ සෝහිත හිමියන් විසින් ලිපියක නිකුත් කර තිබෙනවා.
ඕමල්පේ සෝහිත හිමියන් විසින් එම ලිපියෙන් කියා සිටින නේ රු 80ක් පමණ වන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් මෙරට රු 2500ක් වැනි මිලකට අලවිවන බවයි. ඉන්දියාවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටලය (මෙවලම් 10කින් යුත්) රු 800ක් වන බවත් එම නිසා ඉන්දියාවේ එක් පරීක්ෂාවක් රු 150 ක මිලක් වන බවත් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
මිට අමතරව අන්තර් ජලයෙන් ඇනවුම් කර ලංකා රුපියල් 405ක මුදලකට එකක් ගෙන්වා ගත හැකි බවද එම ලිපියෙන් පැවසෙනවා.
රැපීඩ් ඇන්ටිජන් කට්ටල සම්බන්ධව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි විසින් නිකුත් කර ඇති ලිපිය පදනම් විරහිත බව ප්‍රකාශ කරමින් ජෝර්ජ් ස්ටුවට් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
වර්තමාන ආර්ථික අවපාතයත් සමඟ ඩොලරයේ මිල ඉහළ යාම හමුවේ පවා තවමත් පැරණි මිල යටතේ සිය සමාගම ඇන්ටිජන් කට්ටල සපයන බව එහි දැක්වෙයි.
එම පිළිතුරු ලිපිය සමඟ ජෝර්ජ් ස්ටුවට් සමාගමේ සභාපති දිලිත් ජයවීර සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේ ය.
“අපේ පූජනීය සෝභිත හාමුදුරුවනේ,
සමාජ ජාලාවල සංසරණය වන මේ ලිපියේ කරුණු වැරදියි. ( පැහැදිලි කිරීම පසෙකින්). මේ ඔබ වහන්සේගේම ලිපියක් නම්, ඔබ වහන්සේට මේ තොරතුරු ලබාදුන් කණ්ඩායමෙන් පරිස්සම් වෙන්න. ඔබ වහන්සේගේ මහත්වූ ශාසනික සේවයට මොවුන් බාධාවක්ම වෙනු ඇත.
තරහ අවසරයි අපේ නායක හාමුදුරුවනේ, මට බුදුරජාණන්වහන්සේ ගේ මේ බණපදය මතක් විය.
“නාඤ්ඤස්ස පුරිසො සියා ”
අනෙකෙකුගේ අතකොළුවක් නොවන්න – බුදුරජාණන් වහන්සේ – සත්තජටිල සූත්රය- උදානපාලි”
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment