රට අක්‍රිය කිරීමේ කුමන්ත්‍රණයක් - ස්වයං කඩ වැහිල්ලේ රහස ඇමති ජොනි හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

රට අක්‍රිය කිරීමේ කුමන්ත්‍රණයක් - ස්වයං කඩ වැහිල්ලේ රහස ඇමති ජොනි හෙළි කරයි

කොවිඩ් තත්ත්වය දරුණු වීම නිසා ඊයේ (16) සිට රටේ බොහෝ නගරවල කඩ සාප්පු ස්ව කැමැත්තෙන්ම වසා දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් තීරණය ගෙන තිබෙන්නේ එම නගරවල වෙළෙද සංගම් විසින්.

ඇමතිගේ ප්‍රතිචාරය

රට පුරා නගරවල කඩසාප්පු වසා දැමීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයායි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙය විපක්ෂයේ කඩාකප්පල්කාරී වැඩක් බවයි.

කඩ වහන්න තිබ්බේ ඒ වෙලාවෙ

හරිනම් කඩ සාප්පු වසා දැමිය යුතුව තිබුණේ උද්ඝෝෂණ කරද්දී බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම උද්ඝෝෂණ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ලෙස සලකා ඒ අවස්ථාවේ කඩ හිමියන් ඊට විරෝධය නොදක්වා සහය දෙමින් කඩ විවෘත කරගෙන සිටි බවට අමාත්‍යවරයා චෝදනාවක්ද කරනවා.

පිටුපස දේශපාලන හස්තයක්

එහෙත් දැන් කඩ වසා දැමීම පිටුපස තිබෙන්නේ දේශපාලන හස්තයක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉන් බලාපොරොත්තු වන්නේ රට අක්‍රිය කරවීමට බවයි සඳහන් කරන්නේ.

රට වහන්න කියා මොරදෙන විපක්ෂය රට වැසූ පසු යළිත් රට හරින ලෙස මොර දෙන බවටද අමාත්‍යවරයා චෝදනා කරනවා.

මේ කඩ සාප්පු හා ඒ හා බැඳි සංගම් එදා සෞඛ්‍ය නීති රීති රීති වලට අනුකූලව වැඩ නොකළ නිසා අද මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ආණ්ඩුව වෙනුවෙන් කරන ප්‍රකාශයක්

තමා කරන මේ ප්‍රකාශය තමාගේ පුද්ගලික ප්‍රකාශයක් නොව ආණ්ඩුව වෙනුවෙන් කරන ප්‍රකාශයක් බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වූයේ ඊයේ (16) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව රට පුරා කඩ සාප්පු වසා දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

රට වසා දමන ලෙස වෛද්‍ය සංගම් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සම්බන්ධ රජයෙන් ඉල්ලීමක් කරද රජයෙන් ඊට ප්‍රතිචාර ලැබුණේ නැහැ.

ඒ නිසා විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළේ තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා තම තමන් ස්වයංව වාරණයක් පනවා ගන්නා ලෙසයි.

ඊට මේ වන විට රට පුරා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad