භික්ෂූන් තුන් නමක් මියන්මාර කතුන් තිදෙනෙක් නාවලපිටියේ එකම කුටියක බණභාවනාවේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

භික්ෂූන් තුන් නමක් මියන්මාර කතුන් තිදෙනෙක් නාවලපිටියේ එකම කුටියක බණභාවනාවේ!

මියන්මාර කාන්තාවන් තිදෙනකු සමග මෙරට භික්ෂූන් වහන්සේ තුන් නමක් නාවලපිටිය බලන්තොට ප්‍රදේශයේ කුටියක එකට සිට භාවනා කරන බව පෙන්වමින් විනය විරෝධී සහ ශාසනික විරෝධී කටයුතුවල නිරත වන බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

වසර 3ක සිට භික්ෂූන් වහන්සේ 3 නමක් මෙහි වැඩවාසය කර ඇති අතර පසුගිය ජනවාරයේ සිට මෛ මියන්මාර කාන්තාවන් තිදෙනාද එහි වාසයට පැමිණ ඇති බව පැවසේ.

එමෙන්ම මෙම ස්ථානය ලියාපදිංචි කරන ලෙසට එම පිරිස බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත ඉල්ලීමක්ද කොට තිබී ඇත.

කෙසේවෙතත් මෙම ස්ථානයේ මල් පිදීම, බුදුන් වැදීම ආදියද සිදු නොවන බව පැමිණිල්ලේ සදහන්ය.

පසුව නාවලපිටිය වැඩබලන ස්ථානාධිපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණ මෙම පිරිසට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙලෙසට කළ දැනුම් දීමට අනුව ඊයේ දින සියලු දෙනා ඉවත්ව ගොස් ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad