පවිත‍්‍රාගේ ඇමති වෙනස අගමැති මහින්ද නොදනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

පවිත‍්‍රාගේ ඇමති වෙනස අගමැති මහින්ද නොදනී!

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රවාහන ඇමැති ධුරයකට පත් කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වේලාසන දැන නොසිටි බව වාර්තා වෙයි. ජනාධිපති ලේකම් කාර්යාල දී ඇය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ටික වේලාවකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන්නිආරච්චි මහත්මියට දුරකථන ඇමතුමක් ගෙන දන්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කල යුතු කාර්යයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි.

එහිදී වන්නිආරච්චි මහත්මිය පෙන්වා දී ඇත්තේ තමන් දැන් සෞඛ්‍ය අමාත්‍යවරිය නොව ප්‍රවාහන අමාත්‍යවරිය බවයි.

අග්‍රාමාත්‍යවරයා ද ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ අමාත්‍ය ධූරය වෙනස් වීම දැනගෙන ඇත්තේ ඒ අවස්ථාවේ බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad