ගෑස් පෝලිම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 13, 2021

ගෑස් පෝලිම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් - (video)

රට තුළ පවතින ගෑස් අර්බුදය නිසා ජනතාව ගෑස් මිලදී ගැනිම සඳහා ගෑස් අලෙවිසැල් ආශ්‍රිතව පෝලිම් වල සිටින ආකාරය පිළිබඳව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් හිරු ,දෙරණ සහ ස්වර්ණවාහිනී ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකට තොරතුරු සපයන සුමේධ සංජිව මහතා ඊයේ (12) දිනයේ සිය රාජකාරී කටයුතු අතර තුර මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ පැලවත්ත ප්‍රදේශයේ ඇති IOC ඉන්ධන පිරවුම්හල අසලදියි.

ඔහු ගැස් පෝලිම් වීඩියෝ කරමින් සිටින අතරේ පසු පසින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහර දීම සිදු කර තිබෙනවා..

සංජිව මහතාට පහර දීමෙන් නොනැවතුණු ආදළ පුද්ගලයා ඔහුගේ කැමරාවටද පහරදෙන අයුරු පටිගත වී තිබෙනවා.

අදාළ පහර දීම හේතුවෙන් සුමේධ සංජීව මහතාගේ කොන්දට හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ තලංගම පොලිසියටද පැමිණිල්ලක් කර තිබෙනවා.

අදාළ පුද්ගලයා පැමිණෙන තිබුණේ WP KX – 8373 අංක දරන සුදු පැහැති ඇක්වා වර්ගයේ මෝටර් රථයයකින්.

සිදුවීමට අදාළ දර්ශන..


No comments:

Post a Comment

Post Bottom Ad