"ලොක්ඩවුන්" බැරිනම් "ලොකප්" කරන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 13, 2021

"ලොක්ඩවුන්" බැරිනම් "ලොකප්" කරන්න

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට"ලොක්ඩවුන්"(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් "ලොකප්" ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. පුද්ගල සංචරණ ඉදිරි සති දෙකේදී හැකිතාක් සීමා කළ යුතු බවද සඳහන් කළේය.

වයිරසය බෝවිය හැකි සියලුම ස්ථාන වසා දැමිය යුතු බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව, අවමංගල්‍ය උත්සව කායවර්ධන මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.

පුද්ගල සංචරණ මේ ආකාරයට සිදු වන්නේ නම් කොරෝනා පැතිරීම කිසිසේත් පාලනය කළ නොහැකි බවත් පළාත් සංචරණ සීමා පණවා ඇතත් පළාත් හැරෙන්නට මිනිසුන් සියලු දෙනා හිතුමතේ සංචරණය කරන බවත් ඔහු සඳහන් කළේය .

රජය සහ අදාළ ආයතන එකතුවී ඉදිරි සති දෙක තුළ දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවත් ආයතනවලට සේවකයන් කැඳවීමද සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අමාරු යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

(සුජිත් හේවාජුලිගේ)


No comments:

Post a Comment

Post Bottom Ad