ඉදිරි මාස කිහිපය ගැන අසුබ පුවතක්! මහ බැංකු ලොක්කාගෙන් ඇත්ත හෙළිවෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 6, 2021

ඉදිරි මාස කිහිපය ගැන අසුබ පුවතක්! මහ බැංකු ලොක්කාගෙන් ඇත්ත හෙළිවෙයි!

ඉදිරි මාස කිහිපය තුළ මෙරට භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය වැඩි විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යාම නිසා මෙම තත්ත්වය හටගනු ඇති බවට යි ඔහු පෙන්වා දෙන්නේ.

කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පසුගිය මාස කිහිපය තුළ 6%ත්  7%ත් අතර පැවැති උද්ධමන අනුපාතය ඉදිරි මාස කිහිපය තුළ 8.5%ක් පමණ තෙක් ඉහළ යා හැකි යයි අනුමාන කරන බවයි.

කෙසේ වෙතත් ලබන වසරේ මුල් කාර්තුව වනවිට උද්ධමන අනුපාතය 4%ත් 6%ත් අතර මට්ටමට අඩුවිය හැකි බව ද ඔහු පවසනවා.

මේ බව මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව තමන් වෙත මේ බව වාර්තා කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

මේ අතර මහබැංකුව විසින් නිතිපතා භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ලබාදෙන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බව ද කබ්රාල් මහතා අනාවරණය කළා.


No comments:

Post a Comment

Post Bottom Ad