ලංකාව ආසියාවේ දුප්පත්ම රට වීම ස්ථිරයි.. ආණ්ඩුව අන්තිම අසාර්ථකයි – අනුර යාපා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 6, 2021

ලංකාව ආසියාවේ දුප්පත්ම රට වීම ස්ථිරයි.. ආණ්ඩුව අන්තිම අසාර්ථකයි – අනුර යාපා

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉතාම අසාර්ථක බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි. අද වන විට ලංකාව ආර්ථික වශයෙන් විශාල අර්බුදයට ගොස් ඇති බවත් ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත් වීම වැලැක්වීමට නොහැකි බවත් ඒ මහතා කියා සිටියි.

වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් හෝ අදහසක්ද නැති බවද ඔහු පෙන්වා දෙයි.

රටේ ජනතාව පවතින දේශපාලනය ගැන අතෘප්තිමත් නම් වෙනත් දේශපාලන බලවේගයක් එම ඉඩකඩ අත්පත්කර ගැනීම වැලැක්වීම කිසිවෙකුට නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

අන්තර්ජාල සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙම ආණ්ඩුවේ ඇමති ධුරයක් තමනට දුන්නත් බාර ගන්නේ නැතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad