මම හමුදාවටයි පොලිසියටයි කියනවා වැරැදි කරන එවුන්ව රකින්න එපා කියලා - සරත් ෆොන්සේකාගෙන් සැර කතාවක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 17, 2022

මම හමුදාවටයි පොලිසියටයි කියනවා වැරැදි කරන එවුන්ව රකින්න එපා කියලා - සරත් ෆොන්සේකාගෙන් සැර කතාවක් (VIDEO)

ගෝල්ෆේස් අරගල භූමියේ සිටි සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනිදා පහරදීමෙන් පසුව කුපිත වූ පිරිස් මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට පහරදී ගිනිතැබීමේ සිද්ධීන්වලට මැදිහත් නොවීම සම්බන්ධයෙන් පොලිසියට සහ යුද හමුදාවට චෝදනා නොකරන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලා සිටියා.

හෙතෙමෙ එලෙස සඳහන් කළේ පහරදීමේ සිද්ධීන්වලට පොලිසිය සහ හමුදාව නිසි පරිදි මැදිත් නොවුණේ යැයි පොහොට්ටුවේ ඇතැම් පිරිස් එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින්.

නිර්පාක්ෂික අරගලකරුවන්ට පහර දෙන අවස්ථාවේ, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුද මැර පිරිස සමග එකට සිටි බවයි ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ.

එම වීඩියෝව පහතින්.


No comments:

Post a Comment

Post Bottom Ad