මෛත්‍රීගේ පැජන්ට් ගෙදර රනිල්ගේ රජගෙදර වෙයි! - විගස පුවත් - Vigasapuwath

Saturday, July 23, 2022

මෛත්‍රීගේ පැජන්ට් ගෙදර රනිල්ගේ රජගෙදර වෙයි!

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටින බව පැවසේ.

ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් විනාශ කර තිබීම සහ නීතිමය කටයුතු සිදුවීම හේතුවෙන් එහි පදිංචිවීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාට හැකියාවක් නොවන බවද මේ අතර වාර්තා වේ.

එම නිසා ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කර ඇත. 

මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවෙසින් ඉවත් කෙරිණි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *