ඉදිරි සති දෙක ඇතුළත් කැබිනට්ටුවේ යළි වෙනසක්! ඇමති ධූර 30යි – පිල් මාරු කළ අයටත් ඇමති පට්ටම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 24, 2022

ඉදිරි සති දෙක ඇතුළත් කැබිනට්ටුවේ යළි වෙනසක්! ඇමති ධූර 30යි – පිල් මාරු කළ අයටත් ඇමති පට්ටම්!

අලුත් ආණ්ඩුවේ පත් කළ කැබිනට් මණ්ඩලය යළි වෙනස් කර ස්ථීර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදියි.

ඒ අනුව ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, රිෂාද් බදියුදින් මහතාගේ පක්ෂය ඇතුළු පක්ෂවල හා කණ්ඩායම්වල පිරිසක් ද මෙම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් ක‍ළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා එම පක්ෂවලට හා කණ්ඩායම් වලට ද ඉදිරියේ දී ආරාධනා කරනු ඇතැයි දැනගන්නට තිබෙනවා.

නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් සමන් වනු ඇති අතර එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග පැවසුවා.

දිනේෂ් ගුණවර්ධන මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ හිටපු කැබිනට් මණ්ඩලයම අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ පසුගිය 22 වනදා දිවුරුම් දුන්නා.

ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී, එම ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනස් වනු ඇති බව වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad