නිමල් සිරිපාල ජපාන සමාගමෙන් අල්ලස් ඉල්ලුවා කියා සාක්‍ෂි නෑ! පැමිණිල්ල ඉවත දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 21, 2022

නිමල් සිරිපාල ජපාන සමාගමෙන් අල්ලස් ඉල්ලුවා කියා සාක්‍ෂි නෑ! පැමිණිල්ල ඉවත දමයි!

ජපානයේ ‘තායිසෙ’ සමාගමෙන් අල්ලස් ඉල්ලූවේයැයි අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් ඉවත දමා තිබේ. එම කොමිසම දැනුම්දී ඇත්තේ අදාළ පැමිණිල්ල සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව කම මත ඉවත දමන බවයි. 
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ගොනු කරන ලද ලිඛිත පැමිණිල්ලක් සලකා බලමින් කොමිසම් විසින් මෙම තීරණය දැනුම් දී ඇත.

ඒ අනුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති කමෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව විසින් දන්වා යවා තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad