කාදිනල් හිමියන් අරගලකරුවන් සමග එකට හිටගනී! ආණ්ඩුවට බරපතළ සංඥාවකුත් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 3, 2022

කාදිනල් හිමියන් අරගලකරුවන් සමග එකට හිටගනී! ආණ්ඩුවට බරපතළ සංඥාවකුත් දෙයි!

විරුද්ධ මතධාරීන් සිරගත කරමින් යනවානම් මුළු රටම සිරගත කිරීමට සිදුවනු ඇතැයි මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ මත්තුමගල දේවස්ථානයේ පැවති පූජාවකට සහභාගී වෙමින් පවසති. 
පසුගිය වකවානුවේ පැන නැගුණ ජන අරගලයට සහභාගී වූ හාර දහසක පමණ තරුණ පිරිසක් අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින බවද කාදිනල් හිමියෝ මෙහිදී පවසා තිබේ.

ක්‍රමය වෙනස් කිරීම සදහා අරගල කළ තරුණයන් සමග තමන් සිටින බව පවසන කාදිනල් හිමියෝ ඔවුන් වෙනුවෙන් තමන්වහන්සේ යාඥා කරන බවද පවසයි.

හැකි ඉක්මනින් මැතිවරණයක් අවශ්‍ය බව අවධාරණය කරන හිමියෝ ඊට මැදිහත් වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad